
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (02) සිට රුපියල් සියයකට වඩා මිල අඩු කරමින්, සම සහිත කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1250කට සියලුම සුපිරි වෙළෙඳසැල්වල අලෙවි කිරීමට කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගම් එකඟ වී තිබේ.
කුකුළු මස් සහ බිත්තර මිල අඩු කිරීමට අදාළ සාකච්ඡාවක් ඊයේ (01) කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
රටේ දැනට කුකුළු මස් නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන් මෙන්ම මහා පරිමාණයෙන් බිත්තර නිෂ්පාදනය කරන සියලුම කර්මාන්තකරුවන් මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර එහිදී ඇමැතිවරයා කියාසිටියේ බිත්තර මිල පාලනය කිරීම සඳහා තවත් බිත්තර මිලියන 91ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජය අනුමැතිය ලබාදී ඇති බවයි.
කුකුළු මස් මිල අඩු නොකළහොත් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කිරීමට රජයට සිදුවන බවද ඇමැතිවරයා එහිදී අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart