
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ නිල නිවාසයේ බලෙන් රැඳී සිටි බව කියන හිටපු සෞඛ්‍ය ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන එම නිල නිවසෙන් නෙරපා හැරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝගයක් නිකුත් කර ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අධිකරණය හමුවේ ගොනුකරන ලද නඩුවක් සළකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.
විත්තිකරු ඇමැතිධූරයෙන් ඉවත්වීමෙන් පසුව ද නිල නිවසේ රැඳී සිටින අතර, ඔහුට ඉන් ඉවත් වීමේ නියෝගයක් පනවන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව, එම නඩුවට අදාළ කරුණු අධිකරණය හමුවේ තහවුරු කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා නිල නිවසින් නෙරපීමේ නියෝගය අධිකරණය නිකුත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart