June 2, 2024

සඳෙහි පාෂාණ ලබාගැනීමේ අරමුණින් චීනය යොමුකළ Chang’e 6 යානය බීජිං වේලාවෙන් අද උදෑසන 06:23ට සඳෙහි දකුණු ධ්‍රැවයේ Aitken ද්‍රෝණියට ගොඩබෑ බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.

මැයි 3 වැනි දින දියත් කරන ලද මෙම මෙහෙයුම ඉතිහාසයේ පළමු වරට සඳෙහි මෙම කලාපයෙන් වටිනා ගල් හා පස් එකතු කිරීම අරමුණු කරයි.

මෙම ගවේෂණයට සඳෙහි ඇති පැරණිතම පාෂාණ කිහිපයක් එහි දක්ෂිණ ධ්‍රැවයේ ඇති විශාල ආවාටයකින් ලබා ගත ගනු ඇත.

යානය ගොඩබෑම අවදානම් සහිත වී තිබුණේ අභ්‍යවකාශ යානා සඳෙහි දුර පැත්තට ළඟා වූ පසු ඒවා සමඟ සන්නිවේදනය කිරීම ඉතා අපහසු බැවිනි.

මෙහෙයුමේ ගොඩබෑමේ අංගය කක්ෂයෙන් වෙන් වී පෘථිවියට ස්ථිරව මුහුණ ලා ඇති චන්ද්‍රයාගේ පැත්තට ස්පර්ශ වේ.

ගොඩබෑමේ බාධා හඳුනාගැනීම සඳහා ස්වයංක්‍රීය දෘශ්‍ය බාධක මගහැරීමේ පද්ධතියක් භාවිත කර තිබේ

ලෑන්ඩරය ආරක්ෂිත ගොඩබෑමේ ප්‍රදේශයට මීටර් 100 පමණ ඉහළින් සැරිසරා සෙමෙන් සිරස් බැසීමට පෙර ලේසර් ත්‍රිමාණ ස්කෑනරයක් භාවිත කර තිබේ.

මෙම සාර්ථක ගොඩබෑම ඓතිහාසික අවස්ථාවක් ලෙස චීන රාජ්‍ය මාධ්‍ය විස්තර කරයි.

මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ චන්ද්‍ර භූ විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය ජෝන් පර්නෙට්-ෆිෂර් පවසන්නේ මීට පෙර කිසිවකු දැක නැති මෙම පාෂාණ දෙස බැලීමට හැකිවීම සම්බන්ධයෙන් සෑම දෙනාම ඉතා සතුටට පත්වනු ඇති බවයි.

ඔහු ඇමරිකානු ඇපලෝ මෙහෙයුම සහ පෙර චීන මෙහෙයුම් මගින් ගෙන ආ අනෙකුත් චන්ද්‍ර පාෂාණ විශ්ලේෂණය කර ඇත.

සඳෙහි සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රදේශයකින් පාෂාණ විශ්ලේෂණය කිරීමේ අවස්ථාව ග්‍රහලෝක සෑදෙන්නේ කෙසේද යන්න පිළිබඳ මූලික ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි බව ඔහු පවසයි.

මෙහෙයුම සාර්ථක වුවහොත්, කැප්සියුලයක ඇති වටිනා සාම්පල සමඟ යානය නැවත පෘථිවියට එනු ඇත.

පාෂාණ විශ්ලේෂණය කිරීමට චීනයේ විද්‍යාඥයන්ට පළමු අවස්ථාව ලබාදෙන අතර පසුව ලොව පුරා සිටින පර්යේෂකයන්ට ද එම අවස්ථාව සඳහා අයදුම් කිරීමට හැකිවනු ඇත.

චීනය සඳෙන් සාම්පල ලබා ගැනීමේ මෙහෙයුමක් දියත් කළ දෙවැනි අවස්ථාව මෙයයි.