
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර ලෝක කුසලානයේ පළමු ජයග්‍රහණය සොයා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අද තරග බිමට පිවිසේ.
පස්වරු 02 තරගය ලක්නව් හිදී ආරම්භ වේ.
ඕස්ට්‍රේලියාව මෙන්ම ශ්‍රී ලංකාව ද තරගාවලියේ මුහුණදුන් පළමු තරග ද්විත්වයම පරාජයට පත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම අද කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් තරගයට පිවිසේ.
ඒ, අබාධයකට ලක්ව දසුන් ශානක විවේක ගැනීමට සිදුවූ හෙයිනි.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූ චාමික කරුණාරත්න දසුන් වෙනුවට කණ්ඩායමේ තුන් ඉරියව් හිඩැස සඳහා අද ක්‍රීඩාකරනු ඇති බවයි වාර්තා වේ.
එමෙන්ම පාකිස්ථාන තරගයේදී දුර්වල පන්දු යැවිමක නිරත වූ මතීෂ පතිරණ වෙනුවට කසුන් රාජිතද ඔස්ට්‍රේලියාව සමග තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන බවද වාර්තා වේ.
කෙසේවෙතත් , ඔස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් වරට ඉන්දියාව හමුවේ ක්‍රීඩා කළ කණ්ඩායමම අද ශ්‍රී ලංකාව සමග තරගයටද සහභාගි කරවීමට නියමිතය.
1996 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගයකදී ඕස්ට්‍රේලියාව හමුවේ ජයග්‍රහණයක් ලබාගැනීමට අපොහොසත් වි තිබේ.
ශ්‍රී ලංකා පිළ – පැතුම් නිශ්ශංක,කුසල් ජනිත් පෙරේරා,කුසල් මෙන්ඩිස් (නායක) සධීර සමරවික්‍රම,චරිත් අසලංක,ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ,චාමික කරුණාරත්න,මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත සහ ඩිල්ශාන් මධුසංඛ
ඕස්ට්‍රේලියා පිළ – ඩෙවිඩ් වෝනර්,මිචෙල් මාෂ්,ස්ටීවන් ස්මිත්,මානස් ලැබුෂෙන්,ජොෂ් ඉංගිලිෂ්,ග්ලෙන් මැක්ස්වෙල්,මාර්කස් ස්ටෝනිස්,මිචෙල් ස්ටාක්,පැට් කමින්ස් (නායක),ඇඩම් සම්පා සහ ජෝෂ් හසල්වුඩ්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart