
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක වෙනුවට අතිරේක ක්‍රීඩකයකු ලෙස සිටින තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායමට ඇතුලු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
ඒ සදහා ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදන කර ඇත.
ඒ අනුව, එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග වලදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ ,වගකීම උපනායක කුසල් මෙන්ඩිස් ට හිමිවනු ඇති.
පාකිස්ථානය සමග පැවති තරගයේදී දකුණු කලවයේ මාංශපේශී ආබාධයකට ලක්වීම හෙතුවෙන් සති තුනක කාලයක් ව්වේක ගන්නා ලෙස දසුන් ශානකට වෛද්‍ය පරීක්ෂණ වලදි දැනුම් දි තිබේ.
ඒ අනුව, ක්‍රිඩා කිරීමට නොහැකි බැවින්, දසුන් ශානකට එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමි වේ.
ශ්‍රී ලංකාව ලෝක,කුසලානයේ මුහුණ දෙන මීළග තරගය ඕස්ට්‍රේලියාව සමග හෙට ලක්නව් හිදී පැවැත්වෙන අතර, එම තරගය දෙපිලටම වැදගත් වන්නේ කණ්ඩායම් දෙකම තරගාවලියේ මුහුණ,දුන් තරග ද්විත්වයම පරාජයට පත්ව සිටින බැවිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart