
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බැෂ් ක්‍රිකට් තරගාවලියේ සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට එරෙහිව සිඩ්නි තන්ඩර් කණ්ඩායමට ලකුණු 42ක විශිෂ්ට ජයක් හිමිකර දීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අද සමත් වූවාය.
සිඩිනි හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිඩ්නි තන්ඩර් කණ්ඩායම පන්දුවාර 20 තුළ ලකුණු 190ක් රැස්කළේය.
එහිදි චමරි අතපත්තු පන්දු 39කින් ලකුණු 52ක් රැස්කළ අතර, ඊට 06 පහර 03ක් සහ 04 පහර 05ක් අන්තර්ගත විය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ සිඩ්නි සික්සර්ස් පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කළේ ලකුණු 148ක් පමණි.
පන්දු යැවිමේදී චමරි අතපත්තු කඩුලු 03ක් සහ හෙයිතර් නයිට් කඩුලු 03ක් බිඳහෙළූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart