
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු බිග් බෑෂ් ලීග් කාන්තා ක්රිකට් තරගාවලියේ ලකුණු 1000 සීමාව අද පසුකර ගියාය.
තරගාවලියේ මුලික වටයේ අවසන් තරගය සිඩිනි සික්සර්ස් කණ්ඩායම සහ සිඩිනි තන්ඩර්ස් කණ්ඩායම අතර පැවති අවස්ථාවේ චමරි අතපත්තු ලකුණු 26ක් රැස්කරමින් එම සීමාව පසුකරන ලදී.
2017 වසරේ සිට මේ දක්වා බිග් බෑෂ් තරග 50කදී ඉනිම 47ක් ක්රීඩා කරමින් චමරි ලකුණු 1022ක් රැස්කරගෙන තිබේ.
ඊට අර්ධ ශතක 07ක් ඇතුළත්ය.
අද තරගය පැවති සිඩිනි ක්රීඩාංගණයේ කොටසක් චමරි අතපත්තු වෙනුවෙන් චමරි බේ ලෙස මීට පෙර වෙන් කර තිබිණි.
මේ අතර, තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අවසානයේ තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකාරිණියන් අතර දෙවැනි ස්ථානයට චමරි අතපත්තු පත්ව තිබූ අතර එහිදි ඇය සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කරමින් ඉනිම 13කදී ලකුණු 511ක් රැස්කරගෙන තිබිණි.
බිග් බෑෂ් ලීග් කාන්තා ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දෙසැම්බර් මස 2 වැනිදා පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart