March 24, 2026

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුව 2026 අප්‍රේල් 30 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවා තිබිණි.

ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලීමෙන් පසු, නඩුව අප්‍රේල් 30 වැනිදා පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

2016 දී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ, පළාත් සභාව සඳහා නිකුත් කරන ලද චෙක්පතක් වංචනික ලෙස තම පෞද්ගලික බැංකු ගිණුමට තැන්පත් කළ බවට චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.