
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 හෙළිදරව් කිරීම ගැන සඳහන් කිරීමේදී ‘චැනල් 4’ වෙනුවට ‘චැනල් අයි’ භාවිත කළ රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක, වෙනත් මන්ත්‍රීවරයකු විසින් වරද පෙන්වාදීමෙන් පසු කඩිනමින් එය නිවැරදි කළේය.
‘චැනල් අයි’ නාලිකාවට රාජපක්ෂවරුන් සමඟ පෞද්ගලික තරහක් තිබෙන බවත්, ඒ බව රටේ සියලුදෙනාම දන්නා බවත්, රාජ්‍ය ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ යුද්ධය වාර්තා කිරීමේදී එල්.ටී.ටී.ඊ සංවිධානය කළ දේ, රාජ්‍ය හමුදාව කළ දෙයක් ලෙස ‘චැනල් අයි’ වාර්තා කළ බවද හෙතෙම සඳහන් කළේය.
එය ‘චැනල් අයි’ නොවන බවත් ‘චැනල් 4’ විය යුතු බවත් සහෝදර මන්ත්‍රීවරයකු පෙන්වාදුන් වහාම ඔහු වරද නිවැරදි කළේය.
“සමාවෙන්න, ඒක වැරදීමක්. මම සමාව ඉල්ලනවා” යැයි රාජ්‍ය ඇමැතිවරයා සමාව අයැද සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart