
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේඛන සහතික කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ පරිගණක පද්ධතිවල අනපේක්ෂිත දෝෂයක් හටගැනීම හේතුවෙන් එහි කාර්යමණ්ඩලය මෙන්ම සේවාදායකයන් ද අපහසුතාවයකට මුහුණ දී ඇති බව වාර්තා වේ.
එම අංශයට සහතික කිරීම සඳහා විශාල ලේඛන සංඛ්‍යාවක් නිතිපතා ලැබෙන බවත්, එය හදිසියේ පද්ධතිය අසාර්ථක වීමට හේතු විය හැකි බවත් එහි නිළධාරියෙකු පැවසීය.
කෙසේවෙතත්, කාලය වෙන්කරවා ගෙන ලේඛන සහතික කිරීම සඳහා විස්තර රැගෙන කාර්යාලයට පැමිණි පුද්ගලයින් තාක්‍ෂණික ගැටලුවක් තිබුණ ද හරවා නොයවන බව එම නිළධාරියා සදහන් කළේය.
ගැටළුව නිවැරදි කිරීමට තාක්ෂණික කණ්ඩායම මේ වන විට ක්‍රියා කරමින් සිටින අතර විශාල පිරිසක් කාර්යාලය තුළ ඔවුන්ගේ නියමිත වේලාවන් එනතුරු රැදී සිටින බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart