
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක වැටුප් සංශෝධන අරභයා සමාජය තුළ ඇතිව ඇති විවේචනාත්මක කතිකාවත අතිශයින්ම ඒකපාර්ශ්වයීය මෙන්ම කරුණු නිසියාකාර ව නොදැන හෝ පෞද්ගලික න්‍යාය පත්‍ර මත ගෙන එන ලද්දක් බව ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ වෘත්තීය සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, මෙලෙස වැටුප් වැඩිකිරීමක් ලබා නුදුන්නේ නම්, මහ බැංකු නිලධාරීන්ගෙන් විශාල සංඛ්‍යාවක් රට හැරයෑමේ අවදානමක් පවතින බවයි.
අදාළ නිවේදනයේ මෙසේ සඳහන් කර ඇත.
‘ශ්‍රී ලංකා මහ බැංකුව එහි ආරම්භයේ පටන්ම ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත කර ඇත. ඒ අනුව පෙර පැවති මුදල් මණ්ඩලයට මෙන්ම වර්තමාන පාලක මණ්ඩලයට ද මහ බැංකු පරිපාලනයට අදාළ තීරණ ගැනීමේ ස්වාධීනත්වය පවරා දී ඇත්තේ තර්කානුකූල පදනමක් මත වන අතර එකී පරිපාලනමය ස්වාධීනත්වය ලෝකයේ අනෙකුත් මහ බැංකු සඳහා ද එලෙසම පවතී.
ඒ අනුව මහ බැංකු සේවයට අදාළව බඳවා ගැනීමේ පටිපාටීන්, වෘත්තීය පුහුණු සහ වැටුප් තීරණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ පටන්ම මුදල් මණ්ඩලය විසින් සිදු කරන ලදි. පැවති මුදල් මණ්ඩලය හෝ පවතින පාලක මණ්ඩලය මහ බැංකුවේ සේවකයන් නොවන වග මෙන්ම, එකී පාලක මණ්ඩලයේ සාමාජිකයින් රටෙහි විවිධ ක්ෂේත්‍රවල ප්‍රාමාණික විද්වතුන් බවද මෙහිලා සඳහන් කළ යුතුයි. ආයතනික යහපාලන පරිචයන් සලකා බලා රජයේ ඇතැම් ආයතනයන්හි මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ද වැටුප් සංශෝධනයන් සෑමි වසර තුනකට වරක් සිදු කිරීම දශක කිහිපයක සිට සිදු වේ.
2024 – 2026 සාමුහික වැටුප් ගිවිසුම බැංකුවේ සියලු වෘත්තිය සමිති සහ පාලක මණ්ඩලය අතර කේවල් කිරීමේ වට ගණනාවකට පසු සියලු පාර්ශ්වයන්ගේ පොදු එකඟතාව සහිතව එළඹි ගිවිසුමකි. ඒ අනුව, ඉදිරි වසර තුනක් තුළ සාමූහික ගිවිසුම් කොන්දේසි වලට යටත්ව කටයුතු කිරීමට සියලු පාර්ශ්වයන් බැඳී සිටී.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප්, රජයේ අනෙකුත් සේවාවන්ට සාපේක්ෂව ඉහළ තලයක පවතින බව සමාජයට නොරහසකි. එසේම, බැංකු සහ ලියාපදිංචි මූල්‍ය ආයතන අධීක්ෂණය කරන මූල්‍ය පද්ධතියේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් හට බලපෑමකින් තොර ව සිය සුපරීක්ෂණ කටයුතු කිරීමට නම් තමන් සුපරීක්ෂණය කරන ආයතන හා තරඟකාරී වැටුපක් හිමි විය යුතුය. එම තත්ත්වය නිසාවෙන්ම, රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද රැකියා වලින් ඉවත් වී මහ බැංකු සේවයට එක් වීමට මෙරට උගත් තරුණ ප්‍රජාව උත්සුක වෙති. සීමිත විශය පරාසයක ප්‍රථම හෝ දෙවන පෙළ ඉහළ (First or Second Upper Class) උපාධි සාමාර්ථයක් සහිත විද්‍යාර්ථීන් අතිශය තරගකාරී විභාගයකින් සහ සම්මුඛ පරීක්ෂණයකින්/ පරීක්ෂණ කිහිපයකින් සමිත්ව මහ බැංකු මාණ්ඩලික ශ්‍රේණියට ඇතුළත් වේ. මෙහි සමත් වීමේ ප්‍රතිශතය ඉතා අඩු අගයක් බව ද ප්‍රකට කරුණකි.
තවද, අනෙකුත් රජයේ සේවකයින්ට මෙන් නොව ශ්‍රී ලංකා මහ බැංකු වෘත්තිකයින්ට සිය වෘත්තීය සුදුසුකම් උපයෝගී කොටගෙන පෞද්ගලික ආදායම් මාර්ග (private practice) සකසා ගැනීමට නොහැකි වන අන්දමේ නීතිමය බාධක ඇතුළු තවත් බොහෝ සීමාකාරී සාධක පවතී. තවද, මහ බැංකුව ව්‍යාපාරික අභිමතාර්ථයෙන් කටයුතු කරන ආයතනයක් නොවන බැවින් සහ සංවෘත සේවයක් (closed service) වන නිසා, මහ බැංකු සේවකයින්ට ලබාගත හැකි උසස්වීම් අවස්ථාද ඉතා සීමිතය.
සේවාවකට අදාළ ව සීමාකාරී සාධක පවතින්නේ නම්, එම සේවාවට අදාළව විශේෂිත ගෙවීමක් (compensation) සිදු විය යුතුය යන්න පොදුවේ පිළිගත් මතයයි. ඕනෑම රැකියාවක වැටුප් තීරණය වනුයේ, අදාළ රැකියාවේ දී දරන වගකීම්, රැකියාවට අදාළව සපුරාගත යුතු සුදුසුකම් සහ ශ්‍රම වෙළෙඳපොළේ අදාළ රැකියාවට ඇති ඉල්ලුම්, සැපයුම යන සාධක මත වේ. ඒ අනුව, මහ බැංකු නිලධාරීන්ගේ දැනුම් සහ පරිචය හේතුවෙන් ඔවුන්ගේ වෙළෙඳපොළ වනුයේ රට තුළ හෝ ඉන් පිටන ඇති මූල්‍ය ක්ෂේත්‍රය හෝ මුල්‍ය ප්‍රතිපත්ති හා සම්බන්ධ රැකියා වෙළෙඳපොළයි. පසුගිය වසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට එහි සේවය කළ පළපුරුදු නිලධාරීන් සියයකට ආසන්න පිරිසක් අහිමි වීම හා ඔවුන් අතුරින් ඇතැමෙක් ලෝක බැංකුව සහ ඊට අනුබද්ධිත ආයතන, එංගලන්ත මහ බැංකුව (Bank of England), සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යයාලය (Commonwealth Secretariat) ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයක සේවයට සම්බන්ධ වීම මේ කරුණ වඩාත් තහවුරු කරයි.
මෙම වැටුප් සංශෝධනය සිදුනොවුණේ නම් ඉතිරි නිලධාරීන්ගෙන් ද සැලකිය යුතු ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව මෙන් ම රට ද හැරයාම නව දුරටත් තීව්‍ර වී බැංකුවේ කටයුතු අඩාල විය හැකි ව තිබුණි. වර්තමානයේ දී එල්ල වන විවේචනයන් සිදු වන්නේ මෙකී යථාර්ථය සහමුලින්ම නොසලකා හරිමින් වීම කණගාටුවට කරුණකි. පසුගිය සමයේ බුද්ධි ගලනය පිළිබඳ හඬ නැගූවන් එය වැළැක්වීමට ගන්නා පියවරයන්ට එරෙහිව හඬ නගන්නේ කුමක් නිසා ද යන්න පැහැදිලි නැත.
තව ද, විශ්‍රාම වැටුප් සංශෝධනයක් සිදු වී නොමැති පසුබිමක් තුළ, මහ බැංකු විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් 70% කින් පමණ වැඩි කොට ඇතැයි යන්න, මුළුමනින්ම සාවද්‍ය පුවතක් වන අතර, එය ඇතැම් පාර්ශ්වයන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන් හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිරූපය කෙළෙසීම සඳහා සමාජගත කරන ලද අසත්‍යකි.
සමාජයේ ප්‍රගමනය සඳහා, තාර්කික කතිකාවක් ඇති වීම සුබදායී වන නමුත් වර්තමානයේ ඇති කොට තිබෙන ඒකපාර්ශ්වයීය සමාජ කතිකාවතට මුවා වී ක්‍රියාත්මක වන දේශපාලන සහ පෞද්ගලික න්‍යාය පත්‍රයන් අපට ඉතා පැහැදිලිව නිරීක්ෂණය වේ. රටෙහි පැවති උද්ධමනය සහ පවතින බදු බර හමුවේ නම් සේවකයින්ට සිදු වූ අපහසුතාව මඟ හැරවීමට ඇතැම් පෞද්ගලික බැංකු ඇතුළු පෞද්ගලික ආයතන විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, රජයේ ආයතන ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රයන්හී ද වැටුප් සංශෝධනය විය යුතු බව අප සංගමයේ මතයයි.
රටෙහි ආර්ථික ව්‍යසනයට වගකිව යුත්තන් කවුරුන්දැයි යන්න ගරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හරහාම ප්‍රකාශයට පත් වී තිබිය දී පවා, ඇතැම් දේශපාලකයින් විසින් මහ බැංකු නිලධාරීන් වෙත ‘ආර්ථික ඝාතකයින්’ ලෙස චෝදනා කරන්නේ කවර පදනමකින්දැයි එම දේශපාලකයින් විසින්ම තර්කානුකූලව සමාජය ඉදිරියේ කරුණු පැහැදිලි කළ යුතුය. එමෙන්ම එවැනි නිලධාරීන් සිටී නම් (හෝ සිටියේ නම්) ස්වාධීන විමර්ශනයක් හරහා ඔවුන්ට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීමට බාධවක් නොමැති අතර එවන් ස්වාධීන විමර්ශන ක්‍රියාවලියකට අපගේ වෘත්තීය සංගමයේ උපරිම සහයෝගය අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart