August 24, 2023

මෑත කාලීනව වඩාත් ආන්දෝලනයට තුඩුදුන් OnmaxDT සහ MTFE පිරමීඩ ජාවාරම් ඇතුළුව පිරමීඩ ක්‍රම ලෙස හඳුනාගත් තහනම් යෝජනා ක්‍රම 09ක් සමග සම්බන්ධවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ තහනම් කරන ලද පිරමීඩ ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, පැවැත්වීම, මූල්‍යනය, කළමනාකරණය හෝ මෙහෙයවීම සිදුකරන ඕනෑම පුද්ගලයකු දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකරන බවයි.

එවැනි පුද්ගලයන්ට මහ බැංකු පනත යටතේ අපරාධ නඩු පැවැරිය හැකි බවද මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.