August 15, 2023

ප්‍රතිසන්ධාන මාර්ගය ඔස්සේ මෙරට බලධාරීන් ගන්නා උත්සාහයන් පිළිබඳව කතෝලික සභාව ප්‍රශංසා කර ඇත.

මෙරට ජනතාවගෙන් සුළුතරයක්වන පිරිසට අහිතකර ලෙස බලපෑම් ඇතිකරීමට සහ ඔවුන්ව නොමඟ යැවීමට ඉඩ නොදිය යුතු බව ශ්‍රී ලංකාවේ අපෝස්තලික සභාවේ ප්‍රධානි නුන්චියෝ ආචාර්ය බ්‍රයන් උදයිග්වේ අද (15) පැවැති මඩු අප ස්වාමිදූගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අතරතුර සඳහන් කර තිබේ.

මඩු අප ස්වාමිදූගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද අවසන් වූ අතර, එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සහභාගී වී ඇත.

තමන්ට අනුව කිසිඳු ආගමික නායකයෙක් ගෞරවය සහ වරප්‍රසාද උදෙසා ප්‍රයෝජන ගනිමින් අන්‍ය ආගම් හෑල්ලූවට ලක් කිරීම පිළිගත නොහැකි බව උන්වහන්සේ පැවසූහ.

සියලු ආගම්වල ආගමික නායකයන් ආදර්ශයට ගතයුතු අතර, ඔවුන් එකමුතු කරන්නන් විය යුතු බවත්, බෙදීමේ නියෝජිතයන් නොවිය යුතු බවත්,උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

මන්නාරමේ රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා අපෝස්තලික සභාවේ ප්‍රධානි නන්සියෝ ආචාර්ය බ්‍රයන් උදයිග්වේගේ ප්‍රධානත්වයෙන් ශුද්ධ වූ දිව්‍ය පූජාව පවත්වා තිබේ.

මෙම අවස්ථාව සඳහා ගාලු රදගුරු ආචාර්ය රේමන්ඩ් කේ. වික්‍රමසිංහ, අනුරාධපුර රදගුරු දොන් නෝබට් මාෂල් අන්ද්‍රාදි ඇතුළු රදගුරුවරු පැමිණ ඇත.