
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස යතුරුපැදි සහ අමතර කොටස් ආනයනය කර එකලස් කළ බව කියන වයික්කාල් ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු රංගම්මුල්ල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැටළීම සිදු කර ඇති අතර, කොටස් වශයෙන් ගෙනැවිත් නීතිවිරෝධී ලෙස එකලස් කර තිබූ PCX යතුරුපැදි තුනක්, යතුරුපැදි එන්ජින් 6ක්, අඩක් එකලස් කළ යතුරුපැදියක් සහ යතුරුපැදි අමතර කොටස් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුට සම්බන්ධ නීතිවිරෝධී ආනයනික හා අලෙවි කිරීම් ඇතුළු අතිරේක චෝදනා අනාවරණය කරගැනීම සඳහා වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart