
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ (18) දිනය ශ්‍රී ලංකාවේ ‘දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය’ ලෙස ඇතැම් පාර්ශව විසින් හැඳින්වීම අගය කරමින් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
අගමැතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග, යුද ජයග්‍රහණයේ 14 වැනි සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර යළිත් වරක් රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් නිර්මාණය වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා විදේශ ඇමැති අලි සබ්රි ප්‍රකාශ කර ඇත්තේ, දේශීය වශයෙන් සංහිඳියා ක්‍රියාවලියට උපකාරී නොවන මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාව හෙළා දකින බවයි.
කැනේඩියානු නායකයා සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, “අද අපි ආවර්ජනය කරන්නේ වසර 14කට පෙර අවසන් වූ ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමේදී සිදුවූ ඛේදනීය ජීවිත හානි පිළිබඳවයි. මුල්ලිවයිකාල්හි සමූලඝාතනය ඇතුළුව දස දහස් ගණනක දෙමළ ජනයාගේ ජීවිත අහිමි වූ අතර තවත් බොහෝ පිරිසක් අතුරුදහන් විය. තවත් පිරිසකට තුවාල සිදුවූ අතර ඇතැමුන් අවතැන් විය. අපගේ සිතුවිලි වින්දිතයන්, දිවි ගලවාගත් අය සහ ඔවුන්ගේ ආදරණීයයන් සමඟ මෙම අඥාන ප්‍රචණ්ඩත්වය නිසා ඇති වන වේදනාව සමඟ දිගටම ජීවත් වේ” යනුවෙනි.
මැයි 18වැනිදා ශ්‍රී ලංකාවේ ‘දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය’ බවට පත් කිරීමේ යෝජනාවක්, පසුගිය වසරේ කැනඩා පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරගනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart