
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ බන්ධනාගාර පද්ධතිය පවා නිසි ලෙස පාලනය කිරීමට අපොහොසත් වී ඇති ආණ්ඩුවට මහජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමේ හැකියාවක් තිබේදැයි බෝරැල්ල, මාලිගාකන්ද ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කර සිටියේය.
විශේෂඥ කණ්ඩායමක් එකතු කර රට පාලනය කරන බවට පොරොන්දු වූ ආණ්ඩුව, මේ වන විට රාජ්‍ය පාලනයේ ප්‍රධාන ක්ෂේත්රයන් හි සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව හෙතෙම සඳහන් කළේය.
විදේශ ණය ගෙවීම් ආශ්‍රිතව සිදුවූ බව කියන සයිබර් ප්‍රහාරය පිළිබඳවද මෙහිදී මතක් කළ විපක්ෂ නායකවරයා, මහජන මුදල් සුරක්ෂිත කිරීමට ආණ්ඩුව අසමත්ව ඇති බවට චෝදනා කළේය.
ණය ප්‍රතිපූරණය කළමනාකරණය කරගැනීමට හෝ බන්ධනාගාර තුළ නීතිය හා සාමය පවත්වා ගැනීමට නොහැකි පාලනයකින් රටේ විශාල ගැටලු විසඳනු ඇතැයි බලාපොරොත්තු වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේදී පරාජය කර දින කිහිපයකට පසු මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් ඇති වූ බවද සජිත් ප්‍රේමදාස සිහිපත් කළේය. එදා අමාත්‍යවරයාව ආරක්ෂා කළ ආණ්ඩුව, අද වන විට නැවතත් එම බන්ධනාගාරයේම තවත් අර්බුදයකට මුහුණ දී සිටින බව ඔහු පැවසීය.
සරලව බන්ධනාගාරයක් පාලනය කරගත නොහැකි ආණ්ඩුවකට රට ගොඩනැගීමට හැකියාවක් නැති බවත්, ඔවුන් අභියෝග විසඳනවා වෙනුවට රට වැරදි දිශාවකට ගෙන යමින් සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියාසිටියේය.
තවද, මෙරට ජනගහනයෙන් 30%ත් 40%ත් අතර ප්‍රමාණයක් වර්තමානයේදී දරුණු ලෙස දිළිඳුභාවයට පත්ව ඇති බවත්, නාගරික, ග්‍රාමීය මෙන්ම වතුකරයේ විශාල ජනතාවක් මේ වන විට දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින බවත් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart