
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපාන රජයේ සහය ඇතිව ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදී අවලංගු කරන ලද කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (Colombo Light Rail Transit (LRT)) යළි ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ අද (30) පෙරවරුවේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කැඳවා තිබූ ජනමාධ්‍ය හමුවට එක්වෙමිනි.
LRT ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන නිල සංචාරයට පෙරාතුව, අන්තර්ජාතික ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාවේ විශ්වසනීයත්වය යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයක් ලෙස බව ඇමැති ගුණවර්ධන ප්‍රකාශ කළේය.
අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇති ශ්‍රී ලංකාවට ජපානය ප්‍රධාන ආධාර කිහිපයක් ලබා දී ඇති නමුත්, ඇතැම් ව්‍යාපෘති සහ යෝජනා අවසන් කිරීම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල පළුදු වීමට හේතු වූ බව කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart