
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
eZCash සහ mCash මුදල් හුවමාරු කිරීමේ ක්‍රම යොදාගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට අදාළව මුදල් හුවමාරු කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
eZCash සහ mCash මුදල් හුවමාරු කිරීමේ ක්‍රම, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට අදාළ මුදල් ගනුදෙනු සඳහා අනන්‍යතාව අනාවරණය නොවන ලෙස බහුලව භාවිත කෙරෙන බව නිරීක්ෂණය කර ඇති බව රජය පවසයි.
එවැනි ගනුදෙනුවල නිරත වන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සම්බන්ධයෙන් ගත යුතු පියවරයන් පිළිබඳව නිර්දේශ සහිත වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුක්තව කමිටුවක් පත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා පොලීසිය සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරමින් සකස් කරනු ලබන දත්ත පද්ධතියක් හරහා අදාළ නීතිවිරෝධී කටයුතු වැළැක්වීමට සහ එවැනි කටයුතුවල යෙදෙන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart