
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “කොම්පඤ්ඤ වීදිය” ග්‍රාම නිලධාරි වසම සිංහල භාෂාවෙන් “කොම්පඤ්ඤ වීදිය” ලෙසත්, දෙමළ භාෂාවෙන් “ஸ்லேவ்ஐலன்ட்” ලෙසත්, ඉංග්‍රීසි භාෂාවෙන් “Slave Island” ලෙසත් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
එම ග්‍රාම නිලධාරි වසමේ නම භාෂාත්‍රයෙන්ම “කොම්පඤ්ඤ වීදිය” ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය බවට යෝජනා වී තිබේ.
ඒ අනුව, ඊට අදාළ අංක 743/5 දරන 1992 12 01 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් මඟින් “කොම්පඤ්ඤ වීදිය” යන්න එලෙසින්ම භාෂාත්‍රයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart