January 3, 2026

චීන මෝටර් රථ නිෂ්පාදක BYD සමාගම ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා ලෙස ටෙස්ලා අභිබවා ගොස් තිබේ.

වාර්ෂික විකුණුම් අනුව BYD ටෙස්ලා අභිබවා ගිය පළමු අවස්ථාව ලෙස මෙය සනිටුහන් වේ.

2025 සඳහා ටෙස්ලා හි බෙදාහැරීමේ සංඛ්‍යාව පෙර වසරට වඩා සියයට 9කින් පමණ පහත වැටී ඇත.

ටෙස්ලා හි විකුණුම් සංඛ්‍යාව අඛණ්ඩව පහත වැටීමේ දෙවැනි වසර බවට 2025 පත්වූ අතර සමාගමේ සිව්වැනි කාර්තු වාර්තාව සිකුරාදා නිකුත්කර තිබිණි.

එහි බෙදාහැරීම් සංඛ්‍යාව මිලියන 1.64ක් ලෙස සටහන් වී තිබිණි.

පසුගිය වසරේ අලෙවි වූ BYD හි බැටරි බලයෙන් ක්‍රියාත්මක වන වාහන සංඛ්‍යාව මිලියන 2.26කි.

විදුලි වාහන සහ අභ්‍යන්තර දහන එන්ජින් වාහන යන දෙවර්ගයම නිෂ්පාදනය කරන මෝටර් රථ නිෂ්පාදකයකු වන BYD, ප්‍රධාන වශයෙන් එහි විදුලි වාහන අංශයේ ඉදිරියෙන් සිටී.

බැටරි බලයෙන් ක්‍රියාත්මක වන වාහන අලෙවිය 2025 දී සියයට 28කින් පමණ ඉහළ ගිය අතර, එය සියලුම නව මෝටර් රථ බෙදාහැරීම්වල සමස්ත වර්ධනය වූ සියයට 7.73ට සැළකිව යුතු ලෙස දායක වී තිබිණි.

එක්සත් ජනපදයේ අධික තීරුබදු නොතකා, BYD හි විදේශ ව්‍යාප්තිය යුරෝපය, අග්නිදිග ආසියාව සහ මැද පෙරදිග තුළ ස්ථාපිත වී තිබේ.

සමාගම 2025 දී චීනයෙන් පිටත වාහන මිලියන 1කට වඩා වාර්තාගත ලෙස අලෙවි කළ අතර එය පෙර වසරට වඩා සියයට 150ක වර්ධනයක් සනිටුහන් කරයි.