
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සයිනොපෙක් සමාගමේ මෙරට ඉන්ධන බෙදා හැරීමේ සමාගමේ සහ සයිනොපෙක් පිරිපහදු සමාගමේ නිලධාරින් සමග සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පවත්වා ඇති බව විෂයභාර ඇමැති කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඉන්ධන බෙදා හැරීමේ මෙහෙයුම් කටයුතු වල ප්‍රගතිය, ඉන්ධන පිරවුම්හල් බෙදා හැරීමේ නියෝජිතයන් සමග ගිවිසුම්ගත වීමේ ප්‍රගතිය, සිනොපෙක් සන්නාම කටයුතු පිළිබඳව මෙන්ම දිවයින පුරා සිදුකිරීමට නියමිත වෙළදපොළ කටයුතු ආරම්භය කිරීම සම්බන්ධයෙන් ප්‍රගතිය සාකච්ඡා කර ඇති අතර, සැප්තැම්බර් මස අග වන විට දිවයින පුරා වෙළදපොළ මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු කරන බවද එහිදී ප්‍රකාශ වී ඇත.
එමෙන්ම හම්බන්තොට ඉදිකිරීමට බලාපොරොත්තු වන නව පිරිපහදුව වෙනුවෙන් ආයෝජනය කිරීමට දැක්වූ අභිප්‍රාය එලෙසම ක්‍රියාත්මක කරන බව සහ ඒ සඳහා වන ව්‍යාපෘති යෝජනාව ලබන සතිය තුළ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද එහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart