Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තරුණ තිදරු මවක් පැහැරගෙන ගොස් මාස 06ක කාලයක් බලහත්කාරයෙන් නිවසක සඟවාගෙන සිටි ව්‍යාපාරිකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර කොට්ඨාශ කාන්තා හා ළමා කාර්යාංශය කඹුරුපිටිය ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටළීමකදී 29 හැවිරිදි මෙම කාන්තාව සොයාගෙන ඇත.
අදාළ ව්‍යාපාරිකයා විසින් මරණීය තර්ජන එල්ල කර තමාව පැහැරගෙන ගොස් නිවසේ බලහත්කාරයෙන් තමාව සිරකර තැබූ බව ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා තිබේ.
මාස 06ක පමණ කාලයක් තර්ජන සහ බියවැද්දීම්වලට ලක්ව එම නිවසේ ජීවත් වූ කාන්තාව ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.
සෝදිසි වරෙන්තුවක් මත එම නිවස වටලා ඇති පොලිසිය සැකකරු සතුව තිබූ මාළු කඩවල භාවිත කරන විශාල පිහි පහක්, කාන්තාවගේ නිරුවත් වීඩියෝ දර්ශන ඇතුළත් ජංගම දුරකථනයක් සහ මෙමරි කාඩ්පතක් සොයා ගෙන ඇත.
සැකකරු විසින් බාලවයස්කාර දැරියක් දූෂණය කරන දර්ශන ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ බවත්, සැකකරුට එරෙහිව අපරාධ සිදුවීම්ක කිහිපයක් සම්බන්ධ නඩු පවතින බවත් පොලිසිය පවසයි.
සැකකරු අදාළ කාන්තාවගේ මාමා කෙනෙකු බවත්, පසුගිය දෙසැම්බර් මාසයේදී මරණ තර්ජනය කර ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසින් ඇය පැහැරගෙන ගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart