
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (9) උදෑසන වරකාපොල නගරයේ දී සිසුවියන් සහ මාපියන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් ඇලකට පෙරළීමෙන් පාසල් සිසුන් ඇතුළු 13 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙම බස් රථය මාලඹේ ශ්‍රී රාහුල බාලිකා මහා විද්‍යාලයේ සිට සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ප්‍රවාහනය කරමින් සිටියදී අලුයම 4.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.
පාසලේ සිසුවියන් 26 දෙනෙකු සහ දෙමාපියන් හත්දෙනකු රන්ටැඹේ ප්‍රදේශයේ සිසුවියන්ගේ කඳවුරක් වෙත යමින් සිටියදී රියදුරුට රථය පාලනය කරගත නොහැකිව එය ඇලට පෙරළී ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූ සිසුවියන් සහ මාපියන් ප්‍රතිකාර සඳහා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇත.
වරකාපොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart