
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අසාධාරණ ලෙස බැංකු විසින් කොමිස් මුදල් අය කරන බව පවසමින් බස් ගාස්තු සඳහා කාඩ්පත් මගින් ගෙවීම් කිරීමට රජය හඳුන්වාදුන් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එක්සත් ප්‍රවාහන වෘත්තීය සමිති සන්ධානය කණස්සල්ල පළ කර තිබේ.
බස් ගාස්තු සඳහා කාඩ්පත් ගෙවීම් හඳුන්වා දෙන නියමු ව්‍යාපෘතිය මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ දියත් කරන ලදී.
මෙම වැඩසටහන් පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ප්‍රවාහන වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සම්පත් රණසිංහ පැවසුවේ ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවලදී බැංකු කොමිස් මුදල 1%ට අඩුවෙන් පවතින බවට සහතික වූ බවයි.
කෙසේවෙතත්, රජය විසින් අනුමත කර ඇති ප්‍රමාණය උල්ලංඝනය කරමින් බැංකු විසින් කාඩ්පත් ගනුදෙනු සඳහා 1.3% සිට 1.8% දක්වා කොමිස් මුදලක් අය කරන බව පෙනෙන්නට ඇති බව ඔහු පැවසීය.
“බස් හිමියන් වෙහෙස මහන්සි වෙලා ගම්බකරන ආදායම බැංකුවලට කොමිස් විදිහට දෙන්න අපි ලෑස්ති නැහැ. බැංකු අපට සහාය දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. බැංකු අපගේ ආදායමෙන් උපයා ගැනීම අසාධාරණයි. බැංකු අංශය ශක්තිමත් කරන්න බස් රථ මෙහෙ නැහැ. කොමිස් මුදල් අඩුකරලා අපට සහාය දෙන්න කියලා අපි බැංකුවලින් ඉල්ලනවා, ”ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart