
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගමගේ නිල නිවසේදී ගෘහ සේවිකාවකට හිරිහැර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව බ්‍රිතාන්‍ය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
නිවසේ සේවය කරන අරක්කැමියකු වන මෙම සේවිකාව ඇයගේ මිතුරකු හරහා හදිසි ඇමතුම් අංකයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.
නිවස තුළ සිටි අයෙකු සියදිවි නසාගැනීමට උත්සාහ කරන බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිසිය නිවසට පැමිණ සොයා බලා තිබේ.
කෙසේවෙතත්, කිසිදු නීතිමය පියවරක් මෙතෙක් ආරම්භ කර නොමැත.
තානාපති මුක්තිය නිසා පොලිසිය නිවසට ඇතුළු නොවූ බව රාජ්‍යතාන්ත්‍රික මූලාශ්‍ර සඳහන් කරයි.
පසුව හදිසි විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් අදාළ ගෘහ සේවිකාව නැවත ශ්‍රී ලංකාවට එවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart