
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම දියණිය සමඟ ඇගේ 34 වැනි උපන්දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඇල්ලේදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
බ්‍රිතාන්‍යයේ ඕක්පාත් හි පදිංචි බ්‍රෙට් මැක්ලීන් නමැති 63 හැවිරිදි පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇති එම තැනැත්තා ඔක්තෝබර් 16 වැනි දින ඔහුගේ දියණිය වන නටාලි ඈන් නමැත්තිය සමඟ මෙරටට පැමිණ තිබේ.
ඔවුන් දෙදෙනා ඔක්තෝබර් 23 වැනි දින ඇල්ල ප්‍රදේශයේ සංචාරය කිරීමට පෙර මාතර දිස්ත්‍රික්කයේ වැලිගමට ගොස් ඇති අතර, එහිදී ඔවුන් දේශීය සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඇති බව ඇල්ල පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ, ඉකුත් සෙනසුරාදා පියා සහ දියණිය ඇල්ල රොක් හි කඳු නැගීමකට ගිය අවස්ථාවේදී මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි.
එහිදී මැක්ලීන් නමැත්තා කඳු මුදුණේදී හදිසියේම ඇදවැටී අතර පසුව බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
සිද්ධියෙන් පසු, බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍රසේකර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර, විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළසිරුර බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමර්ශනය සිදු කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart