February 17, 2026

එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී කෙටි නිල සංචාරයක් සඳහා මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම සංචාරය අතරතුර, ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ළමා රැකවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ ගෝලීය ප්‍රඥප්තියට සහාය දක්වන ගිවිසුමකට ද ලැමී අත්සන් කිරීමට සහ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ පැවැත්වෙන අදාළ උත්සවයකට සහභාගී වීමට ද නියමිතය.