
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අල්ලස් කොමිසම මේ වන විටත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් කටයුතු කඩිනම් කර ඇති බව විදේශ ඇමැති විජිත හේරත් වසයි.
කොළඹ පදනම් කරගත් රාජ්‍ය තාන්ත්‍රිකයන් අමතමින් අඇමැතිවරයා කියා සිටියේ රජය දැනටමත් ඇතැම් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
සදාචාරාත්මක පාලනය, දූෂණය පිටුදැකීම, රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාව සහ නීතියේ ආධිපත්‍යය, වගවීම සහ අඛණ්ඩතාව මූර්තිමත් කරන නව දේශපාලන සංස්කෘතියක් පෝෂණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි අවධානයක් යොමු කර ඇති බව ඇමැතිවරයා පැවසීය.
“ආර්ථික සාර්ථකත්වය සඳහා අප මෙම ආධාරක කුළුණු සමඟ අත්වැල් බැඳගත යුතු බව විශ්වාස කරනවා. අල්ලස සහ දූෂණය කිසිසේත්ම නොඉවසන බවට අප විසින් කරන ලද කැපවීම්වලට අනුකූලව, අපි දැනටමත් ඇතැම් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. අල්ලස් කොමිසම මේ වන විටත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් කටයුතු කඩිනම් කර තිබෙනවා.” යනුවෙන් ඇමැතිවරයා පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart