
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇති ‘බුද්ධි මධ්‍යස්ථානය’ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් පහසුකම් සහ කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නංවා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව මෙම පහසුකම මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පවත්වාගෙන ගොස් තිබිණි.
අලුතින් පිහිටුවන ලද ‘බුද්ධි මධ්‍යස්ථානය’ උසස් ක්‍රිකට් විශ්ලේෂණ, කුසලතා වර්ධනය සහ පුහුණු කිරීම සඳහා මධ්‍යගත මධ්‍යස්ථානයක් ලෙස සේවය කරයි.
නව පහසුකම මඟින් වැඩමුළු, උපාය මාර්ගික සැසි සහ වීඩියෝ විශ්ලේෂණ සමාලෝචන සඳහා ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් විශාල කණ්ඩායම් සඳහා පහසුකම් සලසනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් නව මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන පිරිස ද සමාරම්භක උත්සවයට සහභාගී වූහ.
ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය වෙත ‘බුද්ධි මධ්‍යස්ථානය’ රැගෙන එම මගින් එම ස්ථානයේම පුහුණු පහසුකම් සහ තාක්‍ෂණය පෙළගැස්වීමට උපකාරී වන අතර එමඟින් ක්‍රීඩයන්ට සහ පුහුණුකරුවන්ට ඔවුන්ගේ පුහුණු පරිශ්‍රය තුළම ‘බුද්ධි මධ්‍යස්ථානය’ වෙත ඉක්මන් ප්‍රවේශය ලබා දේ.
එහි ආරක්ෂිත දත්ත ගබඩා පද්ධතිය ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට ඓතිහාසික දත්ත, අතීත කාර්ය සාධනය සහ ප්‍රවණතා වෙත ප්‍රවේශ වීමට සහ විශ්ලේෂණය කිරීමට ඉඩ සලස න බැවින් එමඟින් අනාගත තරඟ සඳහා හොඳින් සූදානම් වීමට ඔවුන්ට හැකි වේ.
ඊට අමතරව මෙම නවතම නැවත ස්ථානගත කිරීමත් සමඟ පුහුණුකරුවන් සඳහා වන අධ්‍යාපන ඒකකය මාර්ගගත ක්‍රමයට පන්ති සහ පුහුණු වැඩමුළු පවත්වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart