
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් 500,000 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් සමඟ කාන්තාවක් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය සන්තකයේ තිබී මත්පෙති 5000ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 134,000ක මුදලක් තිබී සොයා ගෙන ඇතැයි පොලිසිය පවසයි.
දෙහිවල ප්‍රදේශයේ දෙමහල් නිවසක පදිංචි කාන්තාවක් මත්ද්‍රව්‍ය අලෙවිකරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටළීම සිදුකර ඇත.
එම ස්ථානයේ සිදුකළ සෝදිසියකදී නිවසේ එක් කාමරයක තිබූ අල්මාරියක සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.
සැකකාරිය මීට පෙර හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් බව ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාව 31 හැවිරිදි වියේ පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart