
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 200ට වැඩි ඉහළ වටිනාකමක් ඇති ප්‍රසම්පාදන ප්‍රදාන කොන්ත්‍රාත්තු පිළිබඳ විස්තර රජයේ ප්‍රසම්පාදන ද්වාරයේ ප්‍රකාශයට පත් කිරීමේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවට අනුකූල වීමට ඇතැම් රාජ්‍ය ආයතන අපොහොසත් වී ඇති බව මහා භාණ්ඩාගාරය පවසයි.
මෑතකාලීනව මේ පිළිබඳ නැවත නැවතත් චක්‍රලේඛ යවා තිබුණද, සමහර රාජ්‍ය ආයතන රජයේ ප්‍රසම්පාදන (e-GP) ද්වාරය වන www.promise.lk හි කාලෝචිත හා ස්ථාවර ආකාරයකින් එසේ කිරීමට අපොහොසත් වූ බව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම නිරීක්ෂණය කර තිබේ.
“එසේ නොකිරීම රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිදභාවය, වගවීම සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික උත්සාහයන් අඩපණ කරයි,” යනුවෙන් ලේකම්වරයා අවධාරණය කර ඇත.
ඔහු පෙන්වා දී ඇත්තේ විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව විසින් සිදු කළ යුතු පියවරක් ලෙස, එවැනි ප්රදානය කිරීමේ විස්තර අදාළ වේදිකාවේ ප්‍රකාශයට පත් කිරීමට රජය බැඳී සිටින බවයි.
ඒ අනුව, එම ප්රදානය කිරීමේ විස්තර අදාළ චක්‍රලේඛවලට අනුකූල වන ආකාරයෙන් ප්‍රකාශයට පත් කරන ලෙසත් “මෙම වගකීම විගණනය, අධීක්ෂණය සහ කාර්ය සාධන ඇගයීම්වලට යටත්ව අනුකූලතා අවශ්‍යතාවක් ලෙස සළකන ලෙසත්” ලේකම්වරයා එම ආයතනවලින් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart