
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැලේසියාවේ බුකිට් ටැම්බුන් හි සිදු කරන ලද වැටලීමකදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
එරට ප්රවෘත්ති වාර්තාවකට අනුව, මැලේසියානු පොලිසිය සිදුකළ වැටලීම් දෙකකදී මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද හෙරොයින් සැකසුම් රසායනාගාරයක් සාර්ථකව විසුරුවා හැර තිබේ.
වැටලීම් අතරතුර, වයස අවුරුදු 25 ත් 46 ත් අතර පසුවන මැලේසියානු ජාතිකයන් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
තම්බුන් පර්මායි හි නිවසක සිදු කරන ලද පළමු වැටලීමේදී, හෙරොයින් ග්‍රෑම් 1,113ක්, හෙරොයින් බේස් ග්‍රෑම් 641ක්, කැෆේන් කිලෝග්‍රෑම් 4ක්, රසායනික ද්‍රව්‍ය කිහිපයක් සහ මත්ද්‍රව්‍ය සැකසුම් මෙවලම් බවට සැක කෙරෙන උපකරණ සමඟ මැලේසියානු පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පළමු නිවසට නුදුරින් පිහිටි නිවසක සිදු කරන ලද දෙවැනි වැටලීමේදී, කැෆේන් කිලෝග්‍රෑම් 26ක් සමඟ ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.
වැටලීම් දෙකේදී අත්අඩංගුවට ගත් සියලුම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් 74,500ක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
බුද්ධි අංශ වාර්තාවලට අනුව, මෙම කල්ලිය ජනවාරි මාසයේ සිට මත්ද්‍රව්‍ය සැකසුම් කටයුතුවල නිරත වී ඇති අතර ඔවුන් සැකසූ හෙරොයින් දේශීය වෙළඳපොළ සඳහා නිකුත් කර තිබේ.
අත්අඩංගුවට ගත් දේශීය පුද්ගලයන් දෙදෙනා සතුව මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධයෙන් පෙර වාර්තා තිබූ අතර, ශ්‍රී ලාංකික පුද්ගලයාට එවැනි කිසිදු පෙර වාර්තාවක් නොතිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart