August 8, 2025

බොරැල්ල සහස්පුර සිරිසර නිවාස සංකීර්ණය අසල ඊයේ (07) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි තවත් පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව මෙම සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව දෙක දක්වා ඉහළ ගොස් ඇත.

සිද්ධියෙන් පසු අද (08) උදෑසන එක් අයකු මිය ගොස් තිබිණි.

පොලිසිය පවසන්නේ රාත්‍රී 8:40ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන ප්‍රහාරකයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

ටී-56 ප්‍රහාරක රයිෆලයක් භාවිත කරමින් තරුණයන් කණ්ඩායමකට ඔවුන් වෙඩි තබා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබිණි.

ප්‍රහාරයෙන් පසු තුවක්කුකරුවන් පලා ගොස් තිබිණි.