
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලිට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තාවකාලිකව තහනමක් පනවා තිබේ.
ඒ ග්‍රේටර් මැන්චෙස්ටර් පොලිසිය විසින් ඔහු සම්බන්ධ අපරාධ පරීක්ෂණයක් තහවුරු කිරීමෙන් පසුවය.
නිල නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ, මෙම විමර්ශනය පාකිස්තාන ෂහීන්ස් කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී සිදු වූ සිදුවීමකට අදාළ බවයි.
හයිඩර් අලිට නීතිමය සහාය ලබා දෙන බව මණ්ඩලය තහවුරු කළ අතර එක්සත් රාජධානියේ නීතිමය ක්‍රියාවලීන්ට ගරු කරන බව ද ඔවුන් අවධාරණය කර ඇත.
“මෙම ක්‍රියාවලිය පුරාම හයිඩර් අලිගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සුදුසු නීතිමය සහාය ලැබී ඇත,” යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.
මෙම අත්හිටුවීම වහාම ක්‍රියාත්මක වන බවත් විමර්ශනයේ ප්‍රතිඵලය ලැබෙන තෙක් එය ක්‍රියාත්මක වන බවත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය.
නීතිමය කටයුතු අවසන් වූ පසු සිය චර්යාධර්ම සංග්‍රහය යටතේ ඉදිරි ක්‍රියාමාර්ග සළකා බලන තෙක් වැඩිදුර අදහස් දැක්වීමෙන් වැළකී සිටින බවත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart