
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලයේ දේශපාලන-ආරක්ෂක කැබිනට් මණ්ඩලය විසින් ගාසා නගරය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කර තිබේ.
ඊශ්‍රායලය මුළු වෙරළබඩ ප්‍රදේශයේම මිලිටරි පාලනය අත්පත් කර ගැනීමට අදහස් කරන බවට අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව දේශපාලන-ආරක්ෂක කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
“සටන් කලාපවලින් පිටත සිවිල් ජනතාවට මානුෂීය ආධාර ලබා දෙන අතරම ගාසා නගරය පාලනය කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සූදානම් වනු ඇත,” යනුවෙන් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
උතුරේ පිහිටි ගාසා නගරය ගාසා තීරුවේ විශාලතම නගරයයි.
ඊශ්‍රායල නිලධාරියකු උපුටා දක්වමින්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ සැලැස්මට ගාසා නගරයෙන් පලස්තීන සිවිල් වැසියන් ඉවත් කිරීම සහ එහි ගොඩබිම් ප්‍රහාරයක් දියත් කිරීම ද ඇතුළත් බවයි.
ෆොක්ස් නිව්ස් නාලිකාවේ බිල් හෙමර් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඊශ්‍රායලය මුළු වෙරළබඩ ප්‍රදේශයම අත්පත් කර ගනීදැයි විමසූ විට “අපි අදහස් කරගෙන සිටිනවා” යනුවෙන් නෙතන්යාහු බ්‍රහස්පතින්දා පැවසීය.
“අපිට ඒක තියාගන්න ඕන නෑ. අපිට ආරක්ෂක පරිමිතියක් තියෙන්න ඕන. අපිට ඒක පාලනය කරන්න ඕන නෑ. අපිට පාලක මණ්ඩලයක් විදිහට එතන ඉන්න ඕන නෑ.” යනුවෙන් ඔහු පැවසීය.
ඊශ්‍රායලය එම භූමිය අරාබි හමුදාවන්ට භාර දෙන්න කැමති බව ඔහු සඳහන් කළේය.
පාලන විධිවිධාන හෝ කුමන අරාබි රටවල් සම්බන්ධ විය හැකිද යන්න පිළිබඳ ඔහු විස්තර කළේ නැත.
ගාසා තීරයේ වැඩි භූමි ප්‍රදේශයක් හමුදාව විසින් පාලනය කිරීම සඳහා වන සැලසුම් සාකච්ඡා කිරීම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කණ්ඩායමක් සමඟ පැවති රැස්වීමකට පෙර නෙතන්යාහු ෆොක්ස් නිව්ස් වෙත මෙම අදහස් පළ කළේය.
ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ ඕනෑම යෝජනාවක් සම්පූර්ණ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යුතු බවත්, ඉරිදා වන තෙක් කැබිනට් මණ්ඩලයට රැස්විය නොහැකි බවත් රජයේ ආරංචි මාර්ග පැවසීය.
නෙතන්යාහු දිගුකාලීන අත්පත් කර ගැනීමක් හෝ කෙටි කාලීන මෙහෙයුමක් පුරෝකථනය කළේද යන්න පැහැදිලි නැත.
හමාස් විනාශ කර ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම තම අරමුණ බව ඊශ්‍රායලය නැවත නැවතත් පවසා තිබේ.
හමාස් නිවේදනයකින් නෙතන්යාහුගේ අදහස් ‘සාකච්ඡා ක්‍රියාවලියට එරෙහි පැහැදිලි කුමන්ත්‍රණයක්’ ලෙස හැඳින්වීය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය විසින් ගාසා තීරය සම්පූර්ණ හමුදාමය වශයෙන් අත්පත් කර ගැනීමට සහාය දක්වනවාද නැතහොත් විරුද්ධද යන්න පැවසීම ප්‍රතික්ෂේප කර ඇත.
ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් පුළුල් කිරීමේ හැකියාව පිළිබඳ වාර්තා සත්‍ය නම් එය ‘අතිශයින්ම බිය උපදවන’ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart