
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය උපන්දිනය සැමරීම සඳහා නව යොවුන් වියේ පසුවන දරුවා සහ සුනඛයින් හත් දෙනෙකු නිවසේ අතහැර සති දෙකක කාලයක් ලාස් වේගාස් වෙත ගොස් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ෆ්ලොරිඩා හි පදිංචිකාරියක් බවයි.
කාන්තාව 37 හැවිරිදි වියේ පසුවන ජෙසීකා කෝප්ලන්ඩ් නමැත්තියක් වන අතර පවුලේ සාමාජිකයෙකු සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ සැකකාරියට එරෙහිව ළමා නොසලකා හැරීම් සහ සත්ව අපයෝජන චෝදනා එල්ල වී ඇති බවයි.
ලද පැමිණිල්ලකට අනුව එම නිවසට් ඇතුළු වූ නිලධාරීන් පවසන්නේ නිවස ඉතා අපිරිසිදු තත්වයක පැවැති බවයි.
නිවසේ සෑම ස්ථානයකම පාහේ සුනඛයින්ගේ මල පහ විසිරී ඇති බවත් ඇතැම් සුන්ඛයින්ට දින කිහිපයකින් ආහාර හෝ ජලය ලැබී නොමැති බවත් ඔවුන් පවසයි.
මේ සම්බන්ධයෙන් සැකකාර කාන්තාවගේ පුත්‍රයාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ මව නිවස පිරිසිදු කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ නිවස සමාන තත්වයක පැවති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart