
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක දියවැඩියා දිනය සැමරීම නිමිත්තෙන් රටවල් 163ක් සම්බන්ධ වන ගෝලීය දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්, කොළඹ නෙළුම් කුළුණ සෙනසුරාදා (නොවැම්බර් 14) නිල් පැහැයෙන් ආලෝකමත් කෙරිණි.
දියවැඩියා රෝගය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, රෝගය කල්තියා හඳුනා ගැනීමට දිරිමත් කිරීම සහ රෝගය වළක්වා ගැනීමේ හා පාලනය කිරීමේ වැදගත්කම පෙන්වා දීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකා දියවැඩියා සංගමය සහ යූනියන් ඇෂුවරන්ස් ආයතනය එක්ව මෙම විශේෂ උත්සවය සංවිධානය කර තිබුණි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මුදිත හංසක විජේමුණිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට වෛද්‍ය වෘත්තිකයින්, ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ නියෝජිතයින් සහ යූනියන් ඇෂුවරන්ස් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය විසින් සම්බන්ධීකරණය කරනු ලබන ගෝලීය වැඩසටහනක කොටසක් ලෙස මෙම ආලෝකමත් කිරීම සිදු කෙරුණු අතර, ඒ යටතේ රටවල් 163ක ප්රමුඛ පෙළේ ස්මාරක, දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර සංකේතය වන නිල් පැහැයෙන් ආලෝකමත් කිරීමට නියමිතව තිබුණි.
දියවැඩියා රෝගයේ වර්ධනය වන බලපෑම කෙරෙහි අවධානය යොමු කිරීම සහ රෝගය වළක්වා ගැනීමේ පියවර අනුගමනය කිරීමට, නිරන්තර සෞඛ්‍ය පරීක්ෂාවන්ට යොමු වීමට සහ කල්තියා ප්‍රතිකාර ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
මෙම උත්සවයේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය විජේමුණි පැවසුවේ දියවැඩියාව යනු පුද්ගලයෙකුගේ ජීවිතයේ සෑම අංශයකටම පාහේ බලපෑම් කළ හැකි බරපතළ බෝ නොවන රෝගයක් බවයි.
රෝගයේ මුල් අවධියේදී බොහෝ විට පැහැදිලි රෝග ලක්ෂණ නොපෙන්වා දියවැඩියාව වර්ධනය වන බවට අනතුරු ඇඟවූ ඔහු, තමන්ට රෝගය වැළඳී ඇති බව නොදැන සිටින පුද්ගලයින් අතර බරපතළ සංකූලතා ඇතිවීමේ අවදානම ඉහළ බව පෙන්වා දුන්නේය. නිසි පාලනයකින් තොර දියවැඩියාව හේතුවෙන් හෘද රෝග, ආඝාතය, වකුගඩු අකර්මණ්‍ය වීම, පෙනීමේ ගැටලු සහ ස්නායු ආබාධ ඇතිවිය හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එවැනි සංකූලතා වළක්වා ගැනීම සඳහා රෝගය කල්තියා හඳුනා ගැනීම, නිරන්තර වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම සහ නියමිත ප්‍රතිකාර නිසි පරිදි අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
සමබර ආහාර වේලක් ගැනීම, නිතිපතා ශාරීරික ව්‍යායාමවල නිරත වීම, නිරෝගී ශරීර බරක් පවත්වා ගැනීම සහ දුම්කොළ භාවිතයෙන් වැළකී සිටීම ඇතුළු සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරුවන ලෙස ද වෛද්‍ය විජේමුණි මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙම ක්‍රියාමාර්ග මගින් දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කිරීමට හෝ ප්‍රමාද කිරීමට උපකාරී වන බව ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව තවදුරටත් දියවැඩියාව හා සම්බන්ධ සැලකිය යුතු අභියෝග රැසකට මුහුණ දෙමින් සිටී.
ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයේ 2024 ඇස්තමේන්තුවලට අනුව, වයස අවුරුදු 20ත් 79ත් අතර ශ්‍රී ලාංකික වැඩිහිටියන් මිලියන 1.6ක් පමණ දියවැඩියාවෙන් පෙළෙන අතර, තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රෝගය හඳුනා නොගත් තත්ත්වයේ පසුවෙති.
විශේෂයෙන්ම තරබාරුකම, ශාරීරික ක්‍රියාකාරකම් අඩුකම සහ පවුලේ දියවැඩියා ඉතිහාසය වැනි අවදානම් සාධක ඇති පුද්ගලයින් අතර රෝගය කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම සෞඛ්‍ය විශේෂඥයින් විසින් නිරන්තරයෙන් අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart