
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පකිස්ථානය සමඟ ඇති වූ දේශසීමා ගැටුම්වලින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු සිවිල් වැසියන් 55 දෙනෙකු මියගොස් 69 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගනිස්ථාන රජයේ ප්‍රකාශක හම්දුල්ලා ෆිට්රාත් ප්‍රකාශ කරයි.
ඉකුත් බ්‍රහස්පතින්දා සිට පවතින මෙම ගැටුම් හේතුවෙන් පක්ටිකා, කොස්ට්, කුනාර්, නන්ගර්හාර් සහ කන්දහාර් යන පළාත්වල අවම වශයෙන් සිවිල් නිවාස 12ක් විනාශ වී ඇති බව වාර්තා වේ.
පාකිස්ථානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලා තාරර් ප්‍රකාශ කළේ, බ්‍රහස්පතින්දා සිට සිදුකළ ගුවන් ප්‍රහාර සහ ගැටුම්වලින් ඇෆ්ගන් තලේබාන් ක්‍රියාකාරීන් සහ සැකකටයුතු සටන්කාමීන් 415 දෙනෙකු මියගොස් 580 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
කාබුල් පාලනය පවසන පරිදි, දේශසීමා ගැටුම්වලින් පාකිස්ථාන සොල්දාදුවන් 56 දෙනෙකු මියගොස් ඇත.
පෙබරවාරි අග භාගයේදී පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු, ඊට ප්‍රතිචාර වශයෙන් පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රමාද වී කාබුල් පාලනය ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ දෙරට අතර නොසන්සුන්කාරී තත්ත්වය දැඩි වී තිබේ.
දේශසීමාවේ දෙපාර්ශවයෙන්ම ලැබෙන වාර්තාවලට අනුව, මේ වන විට පුද්ගලයින් 81 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය පිරිසට පාකිස්ථාන සොල්දාදුවන් 12 දෙනෙකු සහ එක් සිවිල් වැසියෙකු ඇතුළත් වන අතර, තම පාර්ශවයේ සොල්දාදුවන් 13 දෙනෙකු සහ සිවිල් වැසියන් 55 දෙනෙකු ගැටුම්වලින් මියගිය බව කාබුල් පාලනය ප්‍රකාශ කළේය.
එක් පාකිස්ථාන සොල්දාදුවෙකු තවමත් අතුරුදහන්ව සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart