
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය ජුනි මාසයේදී මෙරටට සංචාරකයන්ගේ පැමිණීම සැළකිව යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ඊට හේතුව කොළඹ බෝරා සමුළුව සඳහා බැතිමතුන්ගේ පැමිණීම බව වාර්තා හෙළිකරයි.
ජුනි මාසයේදී සංචාරක පැමිණීම් 138,241 ක් වූ අතර, එය පසුගිය වසරේ එම කාලය තුළදී වාර්තා වූ 113,470 ට වඩා සියයට 21.8 ක වැඩිවීමකි.
මෙම වැඩිවීමට බොහෝදුරට හේතු වී ඇත්තේ ජුනි 27 වැනි දින ආරම්භ වූ බෝරා ප්‍රජාවේ ගෝලීය සමුළුව වන අතර, එයට ලොව පුරා බැතිමතුන් 15,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ බව වාර්තා වේ.
ජූලි 5 වැනි දින දක්වා පැවැත්වෙන මෙම උත්සවය, බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක සෙයිඩ්නා මුෆද්දල් සයිෆුද්දීන් විසින් පවත්වනු ලැබේ.
මෙම පැමිණීම හේතුවෙන් මාසයේ අවසාන භාගය සංචාරක පැමිණීම් විශාල ලෙස ඉහළ ගොස් ඇත.
ඒ අනුව, ජුනි මාසයේ සිව්වැනි සතියේදී එනම්, 22 සිට 28 දක්වා සංචාරකයන් 39,688ක් පැමිණ ඇත.
තවදුරටත් මෙරටට පැමිණෙන වැඩිම සංචාරකයන් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තාවන අතර, එය 2024 ජුනි මාසයේදී පැමිණි සංඛ්‍යාව වන 28,631 සිට 37,934 දක්වා වර්ධනය වී තිබේ.
එක්සත් රාජධානිය සහ චීනය ද පිළිවෙලින් සංචාරකයන් 11,628 ක් සහ 8,804 ක් සමඟ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත් අතර, එම සංඛ්‍යාවන් පෙර වසරේ පැමිණි සංඛ්‍යාවන් වන 9,266 සහ 8,575 ට වඩා වැඩිවීමක් පෙන්නුම් කරයි.
2024 දී ඕස්ට්‍රේලියාවෙන් පැමිණි සංචාරකයන් ගණන 6,317 සිට 7,299 ක් සමඟ සිව්වන ස්ථානය රඳවාගෙන ඇත.
බෝරා සමුළුව සමග පාකිස්ථානයෙන් සංචාරකයන් 6,833 ක් පැමිණ අති අතර, එරට පස්වැනි ස්ථානයට පත්ව තිබ්රෙ.
බංග්ලාදේශය සංචාරක පැමිණීම් 5,826 ක් සමඟ හයවැනි ස්ථානයට පත්ව ඇත.
ඊට අමතරව, ජර්මනියෙන් 5,498 ක්ද, එක්සත් ජනපයෙන් 5,422 ක්ද, ප්‍රංශයෙන් 4,345 ක්ද සහ කැනඩවෙන් 4,239 ක්ද සංචාරකයන් මෙරටට පැමිණ තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart