
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටපුරා ඉහළම තරු පන්තියේ හෝටල්වල සහ සුඛෝපභෝගී ‘විලා’වල රැඳීසිටින සංචාරකයන්ට හැර මැතිවරණ සති අන්තයේ මත්පැන් අලෙවි කිරීම සුරාබදු ප්‍රධානියාගේ නියෝගය පරිදි තහනම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේය.
ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 සෙනසුරාදා සහ සැප්තැම්බර් 22 ඉරිදා දිනවල දිවයින පුරා සියලුම සිල්ලර මත්පැන් අලෙවි කරන ස්ථාන වසාතබන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.
කෙසේවෙතත්, තරු තුනේ පන්තියෙන් ඔබ්බට ඇති සංචාරක හෝටල් සහ සුඛෝපභෝගී ‘බුටික් විලා’ ඉහත නියෝගයෙන් නිදහස් කර ඇති අතර, එම කාලසීමාව තුළ ඒවායේ රැඳීසිටින අමුත්තන්ට සහ සංචාරකයන්ට මත්පැන් අලෙවි කිරීමට අවසර දී ඇති බව එම නිවේදනයේ දැක්වේ.
මේ අතර, සුරාබදු ආඥාපනත උල්ලංඝණය වන අවස්ථා සම්බන්ධයෙන් මහජන පැමිණිලි සහ තොරතුරු සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1913 පැය විසිහතර පුරාම විවෘතව පවතින බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක චන්න වීරක්කොඩි සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart