
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබන මහ බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුට ආශිර්වාද පතා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විශේෂ ආගමික උත්සවයක් සංවිධාන කර තිබිණි.
ලන්ඩන් බෞද්ධ විහාරයේදී මෙම ආගමික වැඩසටහන පැවැත්වුණේ පසුගිය සිකුරාදා දිනයේයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ චාල්ස් රජුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් යොමු කළ පණිවිඩය බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම විසින් එහිදී ඉදරිපත් කළේය.
ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති සහ මහ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි ආගමික උත්සවය පැවැත්විණි.
චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගය අනාවරණ කළේ පසුගිය 6 වැනිදායි.
රජුගේ පුරස්ථි ග්‍රන්ථිය විශාලවීම සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණවලදී ඊට සම්බන්ධ නොවූ පිළිකාවක් හඳුනාගෙන ඇති බව මාලිගාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඒ අනුව මහජනතාව සමග සිදුකරන රාජකාරි කල්දමන ලෙස වෛද්‍යවරුන් දී උපදෙස් යටතේ රජු මේ වනවිට එම කටයුතුවලින් වැළකී ප්‍රතිකාර සඳහා යොමුව සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart