August 10, 2026

වැලිගම, පරණ කඩේ වෙරළ තීරයට ගොඩගසා තිබූ විදේශීය සංචාරකයකුගේ මළසිරුරක් සොයාගත් බව වැලිගම පොලීසිය පවසයි.

ඉකුත් සෙනසුරාදා පස්වරුවේ ටියුනීසියානු සංචාරකයින් පිරිසක් පරණ කඩේ වෙරළ තීරයේදී සර්ෆින් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී මෙම පුද්ගලයා අතුරුදන් වී තිබිණි.

පොලිසිය පැවසුවේ හදිසියේ ඇති වූ තද සුළං තත්ත්වයත් සමඟ හටගත් සැර දියවැල් පහරකට හසු වී 21 හැවිරිදි වියේ පසුවූ මෙම සංචාරකයා මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බවයි..

සිද්ධියෙන් පසුව පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම්, වෙරළ ආරක්ෂක බලකාය සහ පෞද්ගලික කිමිදුම්කරුවන් එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කළද, මුහුදේ පැවැති අයහපත් ස්වභාවය හේතුවෙන් ඊට බාධා එල්ල විය.

කෙසේ වෙතත් ඊයේ උදෑසන අදාළ සංචාරකයාගේ මළසිරුර එම වෙරළ තීරයටම ගොඩගසා තිබියදී සොයාගැනීමත් සමඟ ජීවිතාරක්ෂක මෙහෙයුම් අවසන් කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වැලිගම මූලස්ථාන පොලීසිය මගින් සිදුකරනු ලබයි.