May 16, 2026

හෝමාගම පොලිස් වසමේ පිටිපන දකුණ ප්‍රදේශයේ කුඹුරක් අසල පිහිටි ළිඳක තිබී හමුදා සෙබළෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඊයේ (15) උදෑසන හෝමාගම පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත ආරම්භ කරන ලද පරීක්ෂණයකදී මෙම සිරුර සොයා ගෙන ඇත.

මියගිය පුද්ගලයා මොරොන්තුඩුව මහලන්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි හමුදා සෙබළෙකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

මහේස්ත්‍රාත්වරයාගේ මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුර ඥාතීන්ට භාර දුන් බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.