
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බිග්බැෂ් ලීග් තරගාවලියේ මෙල්බර්න් රෙනෙගේඩ්ස් සහ පර්ත් ස්කෝචර්ස් අතර අද (10) පැවැති තරගය අත්හැර දැමීමට තරග විනිසුරුවෝ කටයුතු කළහ.
තරගය පැවැති ජිලෝන්ග් තණතිල්ලේ අනපේක්ෂිත හැසිරීම හේතුවෙන් ක්රිඩකයන්ගේ ආරක්ෂාව සැළකිල්ලට ගෙන බිග්බැෂ් ලීග් තරගාවලියේ 04වැනි තරගය එලෙස අතහැර දමන ලදී.
ඊයේ රාත්රීයේ ක්රීඩාංගණයට වර්ෂාව පතිතවී ඇති අතර, තණතීරුව වියළීම සඳහා ජිලොන්ග් ක්රිඩාංගණයේ කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් දරා තිබේ.
අද තරගය ආරම්භවී පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටියදී තණතිරුවේ අපැහැදිලි හැසිරීම හමුවේ පන්දුව පාලනයකින් තොරව පිතිකරුට යොමුවී ඇත.
ඒ අනුව, මෙල්බර්න් රෙනෙගේඩ්ස් සහ පර්ත් ස්කෝචර්ස් අතර තරගය ආරක්ෂාව මුළික කරගනිමින් අත්හිටුවනු ලැබුවේ තරගයේ පන්දුවාර 06යි පන්දු 05ක් පමණක් යවා තිබියදිය.
ඒ වන විට පර්ත් කණ්ඩායම කඩුලු 02ට ලකුණු 30ක් ලබාගෙන සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart