
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් පාලන ආයතන යටතේ සිදුවන සංවර්ධන ව්‍යාපෘති අධීක්‍ෂණය කිරීම සඳහා ප්‍රජා උපදේශක කමිටු පිහිටුවීමට වඩා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම යහපත් බව මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු අදාළ බලධාරීන්ට දන්වා යවා තිබේ.
පළාත් පාලන ආයතනවල සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කිරීමේ අරමුණින් මෙම කමිටු පිහිටුවීමේ සැලසුම් රජය මෑතකදී නිවේදනය කර තිබිණි.
හිටපු පළාත් පාලන නියෝජිතයන් ද මෙම කමිටු සාමාජිකයන් ලෙස ඇතුළත් කිරීම සඳහා සළකා බැලීමට නියමිතය.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසන්නේ, මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැටලුව පරීක්ෂා කර අදාළ කමිටු පිහිටුවීම සඳහා වැදගත් කරුණු සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යවා ඇති බවයි.
මැතිවරණ නීති තවමත් ක්‍රියාත්මක වන බැවින් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් මෙම කමිටුවලට ඇතුළත් නොකළ යුතු බවට කොමිසම නිර්දේශ කර තිබේ.
බලධාරීන් ප්‍රකාශකර තිබුණේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රමාද වීම හේතුවෙන් දැනට පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් නොමැතිවීම නිසා මෙම කමිටු පිහිටුවීමේ අවශ්‍යතාව මතු වූ බවයි.
ඊට පිළියමක් ලෙස මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම් ඇතුළු අදාළ බලධාරීන්ට නිර්දේශ කර ඇත්තේ මහජන නියෝජිතයන් නොමැතිකමේ හිඩැස පිරවීම සඳහා කමිටු පිහිටුවීමට වඩා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම යහපත් බවයි.
ඒ බව ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, පළාත් ආණ්ඩුකාරවරුන් සහ ඔවුන්ගේ ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දුන් බව මැතිවරණ කොමිසම පවසයි.
ප්‍රජා උපදේශන කමිටු පිහිටුවීමට රජය සූදානම් වීම පිළිබඳ කණස්සල්ලක් මතු කරන පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය චෝදනා කරන්නේ පළාත් පාලන මැතිවරණ කොට්ඨාසවල සංවර්ධන ව්‍යාපෘති අධීක්‍ෂණය කරන ප්‍රජා උපදේශක කමිටු මුවාවෙන් වෙස්වලාගෙන සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බවටයි.
මේ ක්‍රියාමාර්ගය දේශපාලන වාසි ලබාගැනීමේ උත්සාහයක් බවත් ආණ්ඩුකාරවරුන්ට අත්තනෝමතික ලෙස මෙම කමිටු පිහිටුවීමට බලය ලබාදීමෙන් මහජන සම්පත් තම තමන්ගේ දේශපාලන අවශ්‍යතා සඳහා යොමුකර ගැනීමට ඉඩ සැලසිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (8) සඳහන් කර තිබිණි.
ඔහු කියා සිටියේ හිටපු නගරාධිපතිවරුන්ට සහ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට බලය ලබා දීමට පෙර සූදානමක් තිබූ උත්සාහය අවසානයේ නීතිමය අභියෝගවලින් පසු ඉල්ලා අස්කර ගන්නා ලද බව ද ඔහු සිහිපත්කර තිබිණි.
දැනට පවතින ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වැනි ප්‍රාදේශීය යාන්ත්‍රණයන් හරහා තම අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වන්නේ මන්දැයි ප්‍රශ්න කළ ප්‍රේමදාස මන්ත්‍රීවරයා මෙම කමිටුවල සැබෑ අරමුණ කුමක්දැයි ප්‍රශ්න කළේය.
මෙම කමිටු පිහිටුවීමට සමගි ජන බලවේගය නීත්‍යනුකූලව අභියෝග කරන බව ද ඔහු කියා සිටියේය.
පළාත් පාලන මැතිවරණය මුලින් 2023 මාර්තු සඳහා නියම කර තිබූ නමුත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය අවශ්‍ය අරමුදල් නිකුත් නොකළ නිසා එය ප්‍රමාද විය.
ඉන්පසු මැතිවරණ කොමිසම විසින් එම මැතිවරණය අප්‍රේල් 2023 දක්වා නැවත පැවැත්වීමට දින නියම කළ නමුත් අරමුදල් ප්‍රශ්නය හමුවේ පළාත් පාලන මැතිවරණය යළි දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු විය.
(The Daily Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart