
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද් කුමාර් පොන්නම්බලම්ට අයත් ජීප් රථයක ගැටීමෙන් වයස අවුරුදු 65 ත් 70 ත් අතර යාචක කාන්තාවක් මරණයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය වාර්තා කරයි.
පුත්තලම – කොළඹ මාර්ගයේ බෝලවත්ත මංසන්ධියේ පදික මාරුවේදී මෙම අනතුර සිදුව ඇත.
පොලිස් පරීක්ෂණවලට අනුව දෙසැම්බර් 8 වැනිදා මන්ත්‍රීවරයා කොළඹ සිට යාපනය බලා ජීප් රථයේ යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
තුවාල ලැබූ කාන්තාව වහා රෝහල්ගත කළත් ඇය මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය විසින් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙකි.
පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
අනතුර සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart