
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ ග්‍රාමීය සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය මගින් නාගරික යාචකයන් පිළිබඳ සංගණනයක් සිදු කිරීම ආරම්භ කර ඇත.
යාචකයන් පිළිබඳ වගකීම පළාත් සභාවේ සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පැවති අතර, නව ආඥා පනත මගින් එය මධ්‍යම රජයේ සමාජ සේවා දෙපාර්තමේන්තුවට පවරා යාචකයන්ගේ ගැටලු විසදීමට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකාවේ නගරාශ්‍රිත යාචක ගහණය ඉහළ යෑමත් සමග සෞඛ්‍ය සහ සමාජ ප්‍රශ්න උග්‍රවීමේ අවදානම අවම කිරීමේ අරමුණින් මෙම සංගණනය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කර තිබේ.
සෑම යාචකයකුටම ප්‍රශ්නාවලියක් ලබා දී එම පිළිතුරු ඔස්සේ යාචක වර්ගීකරණයක් සිදු කර ඔවුන්ට සහන ලබාදීමේ ක්‍රියාවලියක් සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.
සමාජසේවා දෙපාර්තමේන්තුව යාචක සංගණනයක් සිදු කරන ප්‍රථම වතාව මෙය වන බව ද සදහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart