March 8, 2026

විදෙස් ආයෝජන ශක්තිමත් කර ගනිමින් ආදායම් ඉහළ නංවා ගත හැකි සේම ඊට සාපේක්ෂව රුපියල ද ශක්තිමත් කර ගත යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යෝජනා කළේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මහ බැංකුවට ස්වාධීනත්වය ලබා දී තිබුණ ද රටට අවශ්‍ය ස්වාධීනත්වය තවමත් ලැබී නොමැති බවයි.

ඉරානයේ මතුව ඇති යුද අර්බුදයේදී මෙරට තේ අපනයනය සඳහා දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් ඇතැම් සමාගම් මගින් තේ දලු නෙලීමෙන් වැලකී සිටීමට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ආයෝජන ගෙන්වා ගෙන ඩොලර් සංචිත ඉහළ නංවා රුපියල ශක්තිමත් කර ගැනීම සේම බලශක්ති අර්බුදය වළක්වා ගැනීම ද අතිශය වැදගත් බව ඔහු පැවසීය.

එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ අර්බුදයේදී ද ලබාගත යුතු අවස්ථා ලබා ගත යුතු බවයි.