
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වාලච්චේන ප්‍රදේශයේ නාම පුවරු සවිකිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ වැරදි පුවත් ප්‍රචාරය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් පැවසුවේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ, වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සවිකර තිබූ දැන්වීම් පුවරු යළිත් එම ස්ථානවලට රැගෙන ගොස් දමන්නැයි අධිකරණය නියෝග කර ඇතැයි ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කර ඇති නමුත් එවැන්නක් සිදුව නොමැති බවයි.
එම තත්වය පැහැදිලි කරමින් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ පැවසුවේ, රජයේ ඕනෑම දෙපාර්තමේන්තුවක් නාමපුවරු සවිකිරීමේදී අදාළ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා ගත යුතු බව ප්‍රාදේශීය සභා පනතේ පවතින බවයි.
එවැනි කිසිඳු දැනුවත් කිරීමකින් තොරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නාම පුවරු සවිකිරීම මගින් එම පනත උල්ලංඝණය වී ඇති බවත්, අධිකරණය හරහා ලබාදුන් නියෝගයකින් ද නාම පුවරු සවිකිරීමේ බලය පවතින්නේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට බව පැහැදිලිව පවසා ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ අදාළ නාමපුවරු සවිකිරීම සඳහා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකරන ලෙස අධිකරණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව සහ නීත්‍යානුකූලභාවය පිළිබඳ සොයාබලා අදාළ නාමපුවරු සවි කිරීමට හැකියාව පවතින්නේ නම් ඒ සඳහා කටයුතු සම්පාදනය කර දෙන ලෙස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ද නියෝග කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart