
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශය එළඹෙන මහ මැතිවරණයට සූදානම් වන විට, රට තුළ පූර්ව මැතිවරණ නොසන්සුන්තාවයක් දක්නට ලැබේ.
ඝාතනයට ලක්වූ ඔස්මාන් හාඩි වෙනුවෙන් යුක්තිය ඉල්ලා බංග්ලාදේශයේ ඊයේ පවත්වන ලද විරෝධතා අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇත.
මේ අතර එරට ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ එළඹෙන මහ මැතිවරණය හමුවේ වර්ධනය වෙමින් පවතින ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බංග්ලාදේශයේ වෙසෙන සුලුතර ප්‍රජාව බියෙන් පසුවන බවයි.
මුස්ලිම් බහුතරයක් වෙසෙන රට ජාතික මැතිවරණයක් කරා ගමන් කරන විට හින්දු භක්තිකයන් අතර භීතිය වඩාත් පැතිර ගොස් ඇත.
ඩකාහි හින්දු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රන්ජන් කර්මකර් පවසන්නේ පවතින තත්වය හමුවේ කිසිවෙකුට තවදුරටත් ආරක්ෂිත බවක් නොදැනෙන බවයි.
සුළුතර ප්‍රජාවන් නියෝජනය කරන කුඩ කණ්ඩායමක් වන බංග්ලාදේශ හින්දු බෞද්ධ ක්‍රිස්තියානි එක්සත් කවුන්සිලය පවසන්නේ 2024 අගෝස්තු මාසයේදී මහජන නැගිටීමකින් හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු වාර්ගික ප්රචණ්ඩත්ව සිදුවීම් 2,000 කට වඩා වාර්තා කර ඇති බවයි.
මෙම කණ්ඩායම අවම වශයෙන් ඝාතන 61 ක්, කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්ව සිද්ධීන් 28 ක් – ඒ අතර ස්ත්‍රී දූෂණ සහ සමූහ දූෂණ – සහ විනාශකාරී ක්‍රියා, කොල්ලකෑම් සහ ගිනි තැබීම් ඇතුළත් පූජනීය ස්ථානවලට එල්ල වූ ප්‍රහාර 95 ක් වාර්තා කර ඇත.
යූනුස් ප්රමුඛ පරිපාලනය එවැනි ප්රචණ්ඩත්වය පිළිබඳ වාර්තා නිතිපතා ප්‍රතික්ෂේප කිරීම හෝ අවතක්සේරු කිරීම සම්බන්ධයෙන් ද ඔවුහු චෝදනා කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart